මම හිටියෙ මහා පුට්බොල් පිට්ටනියක් මැද්දෙ...වටේටම ශ්‍රි ලංකාවෙ කොඩි ලෙල දුන්නා...මාර ආඩම්බරයි මචං ඒවෙලාවෙ දැනුනෙ...අපේ උන් 20000ක්වත් එතන ඉන්න ඇති...එකම සද්දයක් ඇහුනෙ පිට්ටනිය දෙවනත් වෙන්නම..කොහොමෙන් හරි මම අන්දුන් කුන්දුන් වෙලා වටපිට බැලුවා...මම කොහොමද මෙතනට ආවෙ...
මගෙ වටේට තව සැට් එකක් හිටියා...උං ඔක්කොම ඇවිත් මගෙ වටේට එකතු උනා...අපි ඔක්කොම හිටියෙ සුදු ටි එකයි සුදු කොට කලිසමයි ගහලා කහ සපත්තු දාලා...අපෙ සැට් එකෙන් අතෙ පාට පටියක් ඔතාගත්තු එකෙක් කතා කලා...මට මොකුත් තෙරුන් ගන්න බැරුව මම අහන හිටියා...බැලින්නම් උ තමා නායකයා... 

"මචංලා අපි මෙච්චර දුර ආවා...අද අන්තිම දවස...කොහොමහරි අපි මේක දිනන්න ඕනා...අපි වෙනුවෙන්..අපෙ රට වෙනුවෙන්" 
ඌ කිව්වා...
අපි කොහෙද ආවෙ මෙච්චර දුර...එතකොට මොකක්ද දිනන්න තියෙන්නෙ 
පිස්සු ඩබල් වෙලා හිටිය මම ඇහැව්වා... 
හාරත බුරුවෙක් දිහා බලනවා වගෙ මගෙ දිහා බලලා ඌ කිව්වා
"උබ දැන් මෙතන බබා වෙන්න එපා..උඹ තමා ගියපාරත් අපිව ගොඩ දැම්මෙ මේපාරත් හොද වැඩක් දියං අපි කොහොමහරි පිපා කප් එක ගහමු කියලා " 
ඒක ඇහුන අනෙක් ඔක්කොම මට චියර් එක දැම්මා...
"අප්පටහුඩු පිපා වර්ල්ඩ් කප් එක" 
තදබල ලෙස තවත් සොර්ට් උන මම ඇහුවා...
"ඔව් මචං...අපි දිනමු...බ්‍රිසිලෙ කියල ලොකුයැ"
ඌ කිව්වා... 
හුටා බ්‍රිසිලෙ එක්කද  ...
මට සද මෝල් උනා

මොකුත් හිතාගන්න බැරුව උඩ යට මාරු වෙලා සොර්ට් පිට කැරකි කැරකි ඉන්නකොට ඔන්න පිට්ටනියට යන තැන පොලිම හැදෙන්න කිව්වා...පස්සෙ පොඩි එකෙක් ඇවිත් මගෙ අතේ එල්ලුනා...හැමොම ඇවිත් මට අතට අත දුන්නා...බ්‍රිසිලියන් ටිම් එකත් ඇතුලුව...අපේ කොඩිය පිට්ටනිය මැද්දට අරං ගියාට පස්සෙ අපි පිට්ටනියට ගිහිං සිරුවෙන් හිටගත්තා...වටේටම සිංහ කොඩි ලෙල දෙනවා...ඔක්කොම එකපාරට මගෙ නම කියලා චියර් කරන්න ගත්තා...මුලු පිට්ටනියම,,,එකපාරට අපෙ ජාතික ගිය පටන් ගත්තා...මුලු ස්ටේඩියම් එකම ලංකාවෙ ජාතිකගිය කියන්න ගත්තා...ඒවෙලාවෙ දැනුන හැගිම විස්තර කරන්න බෑ මචං...

කොහොමහරි මචං ඔන්න මැච් එක පටං ගත්තා...අපි හොදට සෙල්ලම් කරා...කොහොමහරි කමෙන්ටෙටරයට බ්‍රිසිලෙ නේමාර්ගෙයි මගෙයි නම පැටලුනා එක ලගින් යන නිසා වෙන්නැති...මට උංගෙ අම්මල මතක් උනා...  මොනා උනත් කාගෙහරි පුතෙක් නිසා අමතක කරා...
කොහොමහරි අන්තිමම වෙනකන් කාටවත් ගොල් ගහන්න පුලුවන් උනෙ නෑ...අන්තිම විනාඩියෙදි බොලෙ මගෙ ලගට ආවා...මං ඒක හෙන ගෙමක් දිලා අරං ගිහිං ඈත තියා බ්‍රිසිලියන් ගොල් එකට ගැහුවා...අම්මටහුඩු කියන්න මචං බෝලෙ ගෝලෙ හිල් කරගෙන ගියා...
හම්මේ සතුට...
ඒවෙලාවෙ තමා හෙන ආතල් උනේ...
කෑ ගහගෙන පිට්ටනිය වටේ මං දුවන්න ගත්තා...
අපේ අනෙක් උන් ඇවිත් මාව බදාගත්තා...
එකපාරටම චටාස් ගාලා මට කනේ පාරක් වැදුනා...

"අම්මට#@$ මොන @$ගෙ @#$තාද මගෙ කනට ගැහුවෙ "
හුටා
බැලින්නම් අම්මා
"තෝ පන්ති යන් නැද්ද...නැගිටපං මුසලයා " 
  
https://www.facebook.com/alienpowerx

King coconut jokes