චෙස් ක්‍රීඩා කරන අය දන්නවනේ "චෙක්මේට්" අවස්ථාව.
චෙස් නොදන්න කෙනෙක් චෙස් ශූරයෙක්ගෙන් දවසක් ඇහුවා මොකක්ද මේ "චෙක්මේට්" කියන්නේ කියලා.
එතකොට මේ චෙස් ශූරයා මෙන්න මෙහෙම කිව්වා.
මෙහෙම හිතමු, ඔයා කොහෙ හරි යන එන ගමනකදි දකිනවා ඔයාගෙ බිරිඳ වගේම පෙනුම තියෙන වෙනත් කාන්තාවක්.
ඉතිං, ඔයා ගෙදර ගියාම ඔයාගෙ බිරිඳට කියනවා
"මේ, ඔයා දන්නවද?? මං අද ඔයා වගේම ගෑණුකෙනෙක් ව දැක්කනේ "
එතකොට ඇය අහනවා
"ඉතිං, එයා ලස්සනයිද?? "
දැං ඔබේ පිලිතුර මොකක් වුණත් ඔබට ගැලවීමක් නම් නෑ නේද??
ඔව් කිව්වත් නෑ කිව්වත් ඔයා ඉවරයි .
ඒකියන්නේ ඔයා 'චෙක්මේට්' වෙලා.