මචං මෙතන දාන්න ඕනේ එකක් නෙවෙයි. ඒත් මම හෙන අප්සෙට් එකෙන් ඉන්නේ. මට හිත හදා ගන්න උදව් කරපන් බන්. හිලේ උඹලා තමයි මට ඉන්න යාළුවො. මට මගේ රස්සාව එපා වෙලා අයිසේ තියෙන්නේ.
මෙහෙමයි. මං මේ හිතේ දුකට කියන්නේ. කාටවත් ප්‍රශ්නයක් තියේ නම් නොබලා ගියාට කමක් නෑ. ඒත් වචනෙකින් හරි මගේ හිතේ දුක පොඩ්ඩක් අඩු කර ගන්න උදව් කරනවා නම් මට ලොකු සතුටක්.
මාත් එක්ක වැඩ කරන කීප දෙනෙක් ඉන්නවා. මුලින්ම ඉන්නවා ගෑනු ළමයෙක්. පට්ට කෑල්ලක් කියමුකෝ. ඇත්තටම ලස්සනයි තමයි. හැබැයි සත පහකට වැඩක් නෑ. අපේ ජොබ්ස් වලදී අනිවා මේ ගොන් හරකි තමයි මුලින්ම නා ගන්නේ. වැඩට ආපු වෙලේ ඉඳන් මේකි කරන්නෙම මේකප් සෙට් එක අරගෙන මූණ කචල් විලාසිතා කොර කොර ඉන්න එක. මල පනිනවා ඒ උන්දැත් එක්ක. මොළේ කලඳක් නෑ.
හැබැයි තවත් කෙල්ලෙක් ඉන්නවා මාත් එක්ක වැඩ කරන. ඒකි මෙයාගේ අනික් පැත්ත. කොම්පුටර් එකක් දුන්නොත් ඒක කොනක ඉඳන් මස් කරලා ආපහු සෙට් කරන්න ඒකිට පුළුවන්. මීටර් එක උපරිමයි. හැබැයි ගන්දස්සාරේ බෑ. මාසෙකට සැරයි නාන්නේ. එකම ඇඳුම අඳිනවා එකදිගට දවස් ගානක් වුනත්. එහෙමටම ලස්සනක් නම් ඉතින් නෑ. ඒත් සුදුයි. තඩි කන්නඩි දෙකක් දාන නිසා තවත් කැතට තමයි පේන්නේ. ඒකී විහින් කැත වෙලා ඉන්නේ. ඒකි ලෙස්බියන් කියලා තමයි කට්ටිය කියන්නේ. හැබැයි අපේ වැඩ වලදී අනිවා ඕනෙම දේකට උත්තරේ ඒකි ළඟ තියෙනවා. ලෙස්බියන් වුනාම මොකෝ ඉතින්.
හැබැයි අපේ සෙට් එකේ ඉන්න පට්ටම ඩෑල් එක ඔය කවුරුවත් නෙවෙයි. මිනිහා කොයි වෙලෙත් ගුවන් ගත වෙලා ඉන්නේ. තනිකරම මන්ද මානසික අයිටම් එකක්. මේ යකා වැඩ කරන වෙලාවටත් ගන්ජා ගහලා ඉන්නේ. ඒ මදිවට උගේ පත බල්ලවත් එක්කගෙන එනවා වැඩ කරන ලොකේෂන් වලට. මුයි මුගේ බල්ලයි දෙන්නම මහා බඩ ජාරියෝ. මගේ සල්ලි ඉවරයි ඌට කන්න අරන් දීල ම හැබැයි පොර හිත හොඳ එකා. කේස් එකක් ගියොත් බොක්ක වුනත් දෙනවා.

ඒ වුනාට නිකම් හිතපන්, දවස ගානේ කබල් වෑන් එකක මුන් සෙට් එකත් එක්ක, බූතයෝ අල්ලන්න යන එක කොච්චර වදයක් ද කියලා? මුන් එක්ක ඉඳලා මට එපා වෙලා තියෙන්නේ.