ලංකාවෙ ඇතුලු ලෝකවාසී ජනතාව මත්ද්‍රව්‍ය උවදුර හින්දා විඳින දුක දැක්ක දෙවියන් වහන්සෙ තීරනයක් ගත්තලු.තමන්ගෙ නියෝජිතයො ලෝකෙ පුරා යවලා තියෙන සියළුම මත්ද්‍රව්‍ය ජාති ටික දිව්‍ය ලෝකෙට ගෙනල්ලා පරීක්ෂා කරලා බලන්න.

ඔන්න අදාල දවසෙ දෙවියන්වහන්සෙගෙ වාස භවනෙ දොරට කවුද තට්ටු කරනවලු!

"කවුද ඔය?"

"දෙයියනේ මම මැතිව්ස්. ඇමරිකාවෙන් මරිජුවාන අරන් ආව"

ඔන්න ටිකකින් ආයෙත් දොරට තට්ටු කරනවලු.

"දෙයියනේ මම පිලිප්! අප්‍රිකාවෙන් කොකේන් ගෙනාව"

ඔය ආදී වශයෙන් හතර දිබ්බාගෙනම නියෝජිතයො තමන් හොයා ගත්ත දේවල් අරගෙන දෙයියො හමුවට වැඩියලු. ඒත ලංකාවට යවපු ජුදාස් තවම නැහැල්ලු.ඔන්න ටිකකින් දොරට තට්ටු කරන සද්දයක් ඇහෙනවලු.....

"කවුද?...."

"දෙයියනේ මං! ජුදාස්!" බොහොම කෙඳිරිලි සද්දෙන් අහෙනවලු"

දෙයියෝ දොර ඇරියා විතරයි කාකි සූට් ගහගත්ත තිහ හතලිහක් කඩාගෙන පැන්නලු කාමරේට.

"තියෙන බඩු ඔක්කොම එක තැනකින් තියලා ඔක්කොම අත් උස්සගෙන නැගපියව් අර සුදු වෑන් එකට" කිව්වලු!