මගේ මුල් ම පෝස්ට් එක
ඔන්න දවසක් අපේ සුරායි ධනුෂ්කයි පොක්ස්වැගන් එකක ඩිකියෙ ජෙනියක් පටවගෙන ගමනක් ගියාලු. සුපුරුදු පරිදි අතරමග දි වාහනේ හිටියාලු. මොන සෙල්ලම් දැම්මත් ස්ටාට් වෙන්නෙ ම නැතිලු. කරන්න දෙයක් නැතිකමට අමාරුවෙන් වාහනේ ගරාජ් එකකට තල්ලු කරන් ගියා. ඒ වෙලාවෙ බාස් හිටියෙ වෙන වාහනයක් එක්ක ඔට්ටු වෙවී. ඒ නිසා බාස්ට වාහනේ බාර දීලා ලෙඩෙත් කියලා ඩබල ගියාලු ප්ලෙන්ටියක් බොන්න.
ටිකකින් ඩබල ආපහු එනකොට බාස් මජං පිහිදදා ඇවිත් කිව්වලු, "මහත්තයා ඔන්න මම ඇන්ජිම නම් ස්ටාට් කළා, ඒත් රේස් වෙන්නේ නැහැ, ඇක්ස්ලේටර් කේබල් එකේ අවුලක් වගේ" කියලා.
"යමුකො බලන්න" කියලා සුරා ඉස්සරවෙලා ගියලු ඉතින් වාහනේ ළගට. වාහනේ ඉස්සරහා බොනට් එකත් ඇරලාලු තිබුණෙ. ටිකක් වෙලා ගියාමලු පොරට වැඩේ තේරුණේ.
"යකෝ බාස් උන්නැහේ, ඔහේ මේ ස්ටාට් කරලා තියෙන්නේ අපි පටවන් ආපු ජෙනියනෙ යකෝ.. මේක පොක්සැගන් එකක්, මේකෙ ඇන්ජිම තියෙන්නෙ ඉස්සරහා නෙවෙයි පිටිපස්සෙ ඕයි."