පදියපැලැල්ල

මේ කතාව සිද්ද උනේ ඇත්තම කියනවනං ඉංගිරිසි ආණ්ඩුව කාලේ . ඔන්න ඉංගිරිස් ආණ්ඩුව කාලේ දරුවනේ ලංකාවේ එක ප්‍රදේශයක් බාරව හිටියා ඉංගිරිස් මහත්මයෙක් . මේ ඉංගිරිස් මහත්මයා කිව්වට මූ මහ මහත්හොරා , කෝසවෙල්ලා , හුරිකැත්තා . මොකද එහෙම කිව්වේ මු එ කාලේ ඉඳලම ගමේ ඉන්න අහිංසක කෙල්ලෝ බිලී බානවා .

එහෙම බිලී බාලා තන්හි තන්හි සිට ඇට බෝල සෙල්ලම් කරන්න , කුරුල්ලෝ ඔබේ තාලෙන් පියාඹන්න වගේ නොයෙක් නොයෙක් දේවල් කරලා අන්තිමට අහිංසක ගැමි කෙල්ලන්ව නූල්වල ගැටගහලා සරුංගල් වගේ උඩ යවලා උඩට උඩට ගියාම කුරුල්ලට කියලා නූල කඩලා දානවා . අනේ පවූඌඌඌඌඌඌඌඌඌඌඌඌ......... අහිංසක කෙල්ලෝ ඊට පස්සේ ලෑන්ඩ් කරන්න විදියක් නැතුව ඔහේ පාවෙනවා.

සමහර අයනම් මත්තල පැත්තෙන් ලෑන්ඩ් කරලා තියෙනවා . ඒත් ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගන්නේ එක්කෝ සල්ලි මදි පාඩු අය . නැත්නම් පාවිච්චි කරපුවා පාවිච්චි කරන්න ලේසි නිසා වෙන්න පුළුවන් .
ඔහොම කාලයක් යනකොට මේ සුද්දා භාරව සිටි ප්‍රදේශයට පල් හොරු දෙන්නෙක් ඇවිත් මංකොල්ල කන්න පටන් ගන්නවා . අනිච්චේ සංසාරේ . ඉතින් මේ ගම භීතියෙන් ඇලලී ගියා . ඒත් මේ පල් හොරු දෙන්නා ඉංගිරිස් ආණ්ඩුවට තිබ්බ බය නිසාම මේ සුද්දගේ ගෙදර මුකුත් හොරකම් කලේ නෑ . ඒ නිසා සුද්දා මේ ගැන ගණන් ගත්තේ නෑ .

සුද්දා සුපුරුදු පරිදි කුරුල්ලට කියලා නූල් කමින් වාසය කළා . මේක එන්න එන්නම දරුණු වෙනකොට අනේ මේ ගමේ අහිංසක මිනිස්සු ඒජන්ත වරයට මේ අවනඩුව කියලා නඩුවක් ෆයිල් කරනවා . ඔන්න ඒජන්ත උන්නැහේ මේ නඩුව විභාග කරන්න සුද්දටයි ගමේ අයටයි එන්න කිව්වා .

අනේ නඩු දිනය උදා උනා . සුද්දා ඇයි නො එන්නේ ?? . පින්වතුනී සාදු කියන්න . මේ සුද්දා නඩුව අහන්න ආවේ නෑ . සුද්දට එදා ගමේ කෑල්ල සෙට් වෙලා . ඉතින් කුරුල්ලා ඉගිල්ලවන්න ඕන නිසා සුද්දා ඇවිත් නෑ . ඒජන්ත වරයා සේවකයෝ පිටත් කළා එවෙලෙම සුද්දාව එක්කන් එන්න කියලා .

ඔන්න සේවකයෝ සුද්දගේ ගෙදරට ගියා . ඒත් සුද්දා නෑ . සුද්දගේ හොර ගෑණි හිටියා . සුද්දා කොහෙද ඇහුවම හොරගෑණි කිව්වා දන්නේ නෑ කියලා . ඉතින් මේ සේවකයා ගමේ ගෙවල් වල චෙක් කර කර යනකොට එක ගෙදරකින් ස්වීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ....ට් හනිමූන් ටෝන් එකක් එනවා එනවා . සේවකයෝ කරන්නේ ටෝන් එන කාමරේ පැත්තට ගිහින් ජනේලෙන් එබිලා බලනවා . නැන්දම්මට සිරි කිව්වලු . සුද්දා බිම බට පැලෑල්ලක කෙල්ලකුත් හරහා දාගෙන වැඩලු හෝ ගාලා . කුරුල්ලා සරුංගලේ නූල කඩන්න ඉහල පහල පියාඹනවලු තත්පරයට 120 ප්‍රවේගයෙන් .

සේවකයොන්ටත් කාලෙකින් සෙට් වෙච්ච ඔන්ලයින් වැලක් නිසා මේක ඔක්කොම බලන් ඉඳලා ගිහින් ඒජන්ත වරයට කියනවා . සේවකයෝ ඒජන්තට කතා කරන්න ඕන ගරුසරු ඇතිව . එ නිසා කියන්නේ මෙන්න මෙහෙම .
" ඒජන්ත හාමුදුරුවනේ ගම භාර සුදු නිලධාරි තුමා අපි යනකොට කෙල්ලෙක් එක්ක පදියි පැලෑල්ලේ " කියලා .

ඉතින් මේවා ඔක්කොම ඒජන්තගේ ලොග් පොතේ ලියවෙනවා . ගම භාරව සිටි සුදු නිලධාරියා ඒ ගමේ ඔක්කොම සරුන්ගල්වල නූල් කඩලා ඉවර උනාම වෙන ගමකට මාරු කරනවා .

මේ ගම ගැන ලොග් පොතේ සටහන පස්සේ කාලෙකදී කියවන වෙන ඒජන්ත කෙනෙක් මේ සුද්දා හිටපු ගම පදියි පැලෑල්ලේ කියලා කියනවා .

පදියි පැලැල්ලේ => පදියි පැලැල්ල => පදිය පැලැල්ල => පදියපැලැල්ල

උනා කියලා තමයි ඉතිහාස වාර්තාවල සඳහන් වෙන්නේ .

ආ අර හොරු දෙන්නා තවත් ගමකට නමක් දාගෙනම තමයි ඊළඟ හොරකම කරේ . ඒ පාරනම් දෙන්නා පොඩ්ඩක් චා උනා . එහෙනම් ඊළඟ පෝස්ට් එකෙන් බලමු දෙන්නට මොකද වෙන්න